ඇපකර අරමුදලින් ණය නිරවුල් කිරීම් අධික්ෂණ පද්ධතිය

ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 11 වගන්තිය යටතේ සේවා කාලය තුළ දී නිලධාරියකු මිය ගියේ නම් හෝ පූර්ණ අකර්මණ්‍යතාවයට පත්වූයේ නම් හෝ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද්දේ නම් හෝ දේපල ණය මුදලේ ශේෂය නිරවුල් කිරීමට රජය විසින් කටයුතු සිදු කරනු ලැබේ.
බැංකු වෙත දේපල ණය ආපසු ගෙවීමේ අවදානම අවම කිරීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ණය ඇපකර අරමුදල පිහිටුවන ලද අතර 2005 වසරේ සිට මෙම අරමුදලින් රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවකට පහසුකම් සලසා ඇත. මෙම පද්ධතිය හරහා ණය පියවීම සඳහා සිදු කරන ඉල්ලීම් පිළිබඳ පරීක්ෂා කළ හැකිය.

රාජ්‍ය සේවකයන් විසින් ලබා ගත් දේපළ ණය ඇපකර අරමුදලෙන් පියවීම සදහා හිමිකම් පෑමට අදාළ තොරතුරු GFLSMS පද්ධතිය ඔස්සේ ලබා ගැනීම.

වැඩිදුර තොරතුරු සඳහා : 011-2484750/011-2484751/011-2484729